20/09/2026
සර්ප විශේෂ 30ක් ගැනම ඔයා දැනුවත් ! 🐍
මාස දෙකකට විතර කලින් සර්පයො ගැන මිනිස්සුන්ගෙ දැනුම වැඩි කරන්න වෙනස් විදිහෙ උපක්‍රමයක් උත්‍සහ කරල බැලුවා. ඒ තමයි සර්පයාගෙ photo එක දාලා ඒ ගැන ඔයාලා දන්න දේ මුලින්ම අහල , ඊටපස්සෙ දවසෙ එ සර්පයා ගැන නිවැරදි සම්පූර්ණ විස්තරයක් මම comment කරලා පෝස්ට් එකට pin කරන එක. ගොඩක් අය මේක ප්‍රයෝජනවත් විදිහට දැක්කා වගේම ඉතාම සුළුතරයක් මේක views ගන්න කරන වැඩක්, comments ගන්න කරන වැඩක් , මෙහෙම දැම්මම හරි උත්තරේ දැනගන්න විදිහක් නෑ වගේ දේවලුත් කිව්වා. හැබැයි ඉතින් මේ දවස්වල අපි දකින සමහර page වලින් ai generate කරපු සර්පයෙක්ගෙ photo එකක් දාලා මේ මොකාද කියල අහන post එකක් කියල මේ post ගැනත් කෙනෙක්‍ට වැරදි අදහසක් ඇතිවෙලා එහෙම කිව්ව වෙන්නත් පුලුවන්.
කොහොම වුණත් මේ වෙනකොට මේ ක්‍රමේ ගොඩක් සාර්ථකයි කියන එක පැහැදිලියි. මොකද සර්පයෙක්ගෙ photo එකක් දාලා නිකන්ම විස්තරයක් දානවට වඩා මෙහෙම දැම්මම ගොඩක් අය උනන්දුවෙන් මේකට සහභාගී වෙනවා, තමන්ගෙ දැනුම බෙදාගන්නව, ඒ වගේම ඒවයෙ වැරදි තොරතුරක් තිබ්බොත් අනිවාරෙන්ම පහුවදාට මම ඒක නිවැරදි කරනව reply කරලා. Post වලට වැටෙන comments වලින්ම තේරෙනව කොයි තරම් දුරට සර්පයින් හඳුනාගැනීමේ හැකියාව වැඩි වෙලාද කියල. දිගටම page එකත් එක්ක හිටියනම් මේ වෙනකොට පහල list එකේ ඉන්න සර්පයො 30 දෙනා ගැන ඔයාට හොඳ දැනුමක් තියෙනවා, ඒ නැතත් අලුතෙන් follow කරන කෙනෙක් උනත් දුක්වෙන්න එපා page එකේ පරණ post වල මේ ඔක්කොම විස්තර තියෙනවා.
1. අරණි දත්කැටියා
2. ගැරඬියා
3. ලේ මාපිලා / නාග මාපිලා
4. කටකලුවා
5. නයා
6. දැතිගෝමරයා
7. මල් රදනකයා
8. අලු රදනකයා
9. ලංකා දියබරියා
10. කබර රදනකයා
11. ටිකිරි දියබරියා
12. වයිරි දත්කැටියා
13. පුල්ලි දත්කැටියා
14. දාර රදනකයා
15. දෙපත් කලුවා
16. නිදි මාපිලා
17. කුණුදිය කලුවා
18. තෙල් කරවැලා
19. මුදු කරවැලා
20. පළා පොළඟා
21. උල් තුඩුල්ලා
22. රෙදි නයා
23. දෙපත් නයා
24. අහරකුක්කා
25. කණඋල්ලා
26. පිඹුරා
27. හෙණකඳයා
28. ගැට රදනකයා
29. හොට වාලක්කඩියා
30. මුකලන් හාල්දණ්ඩා
සර්පයෙක් ගෙදරට ආව වෙලාවට සර්පයාගෙ වර්ගෙ හොයනවට වඩා, සර්පයෙක්ව අඳුරගන්න ක්‍රමය කලින් දැනගෙන හිටියනම් ලේසියි.මේ විදිහට photo වලින් හරි දැක්කම සර්පයෙක් අඳුරගන්න විදිහ නිකන්ම ඇහැට හුරු වෙනවා
ඉතින් සර්පයො ගැන නොදන්න තවත් දේවල් ඉගෙනගන්න මේ විදිහටම page එකත් එක්ක දිගටම රැඳිල ඉන්න කියල ඉල්ලනවා.
ඒ වගේම මේ page එකේ දාපු දේවල් වලින් ඔයාලා මොනවද ඉගෙනගත්තෙ කියල & ඔයාලගෙ මොනවහරි අදහස් යෝජනා තියෙනවනම් ඒවත් පහලින් comment කරගෙන යන්න .