සෞ කා ස එකමුතුව

සෞ  කා  ස    එකමුතුව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සෞ කා ස එකමුතුව, north central province, Polonnaruwa.

මෙම සමූහය මගින් සෞඛ්‍ය කාර්ය සහයක ,සාත්තු සේවකයින් හට
* ස්ථාන මාරු,
*සුහද මාරු,
*තරග විභාග සදහා අත් වැල්,
*රැකියා තොරතුරු,
*උසස් වීම් තොරතුරු,
*කාර්යක්ෂමතා කඩයිම් විභාග සදහා අත් වැල්,
*ඉල්ලීම්,
* නිවේදන
යන අවස්ථාවන් සදහා උපයෝගි කර ගත හැක.

කළමනා කරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ - 02 - (MN-01) සේවා ගණයට අයත් තනතුරුවලට සීමිත පදනම මත බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයඒ අන...
18/07/2026

කළමනා කරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ - 02 - (MN-01) සේවා ගණයට අයත් තනතුරුවලට සීමිත පදනම මත බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය

ඒ අනුව
🙅වාට්ටු ලිපිකාරිණි,
🙅නිවාස පාලක / පාලිකා
🙅වෛද්‍ය සැපයීම් සහකාර

යන තනතුරු වලට අදාළ සම්මුඛ පරීක්ෂණය 2026.07.23 හා 2026.07.24 දෙදින තුළ කොළඹ - 08, ඩඩ්ලි සේනානායක මාවතේ අංක 106 හි පිහිටා ඇති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ 03 වන මහලේ රැස්වීම් ශාලාවේදී පෙ.ව. 9.00 සිට පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා කැඳවනු ලබන අයදුම්කරුවන්ගේ නාමලේඛන ඇමුණුම I හා ඇමුණුම II මඟින් දක්වා ඇත.

රාජ්‍ය සේවයේ කෙටි නිවාඩු – ඔබ දැනගත යුතු වැදගත් කරුණු1980.12.10 දිනැති අංක 183 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මඟින් පළමු ව...
08/07/2026

රාජ්‍ය සේවයේ කෙටි නිවාඩු – ඔබ දැනගත යුතු වැදගත් කරුණු

1980.12.10 දිනැති අංක 183 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මඟින් පළමු වරට සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා කෙටි නිවාඩු (Short Leave) වරප්‍රසාදය හඳුන්වා දෙන ලදී.

⚠️ කෙටි නිවාඩුව අයිතිවාසිකමක් නොවේ

ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 1.1 උප වගන්තිය අනුව, රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු යනු අයිතිවාසිකමක් නොව වරප්‍රසාදයකි. එබැවින් කෙටි නිවාඩුව අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම නිවාඩු අනුමත කරන බලධරයාගේ අභිමතය මත සිදුවේ.

📌 කෙටි නිවාඩු හිමි වන්නේ කෙසේද?

✅ එක් වරකට උපරිම පැය 1½ ක කාලයකට කෙටි නිවාඩුවක් ලබාගත හැක.

✅ එක් මාසයකදී කෙටි නිවාඩු දෙකක් (02) හිමිවේ.

📌 කෙටි නිවාඩුවක් ලබාගැනීමට විශේෂ හේතුවක් අවශ්‍යද?

නැත.

කෙටි නිවාඩුවක් ලබාගැනීමට අත්‍යවශ්‍ය හෝ හදිසි හේතුවක් තිබිය යුතු බවට කිසිදු නීතියක් හෝ රෙගුලාසියක් නොමැත. නිලධරයාගේ අවශ්‍යතාව අනුව එය ඉල්ලා සිටිය හැක.

📌 කෙටි නිවාඩුව ලබාගත හැක්කේ කවදාද?

✅ උදෑසන සේවයට පැමිණීමට පෙර

✅ දහවල් රාජකාරි අතරතුර

✅ සවස සේවය අවසන් වීමට පෙර

යන ඕනෑම වේලාවක කෙටි නිවාඩුව ලබාගත හැක.

📌 ප්‍රමාද වී සේවයට පැමිණියොත්?

ඔව්, එවැනි අවස්ථාවකද කෙටි නිවාඩුව භාවිතා කළ හැක.

උදාහරණයක් ලෙස, පෙ.ව. 8.30ට සේවයට වාර්තා කළ යුතු නිලධරයෙකු පෙ.ව. 9.00ට පැමිණියේ නම්, ප්‍රමාද වූ මිනිත්තු 30 කාලය කෙටි නිවාඩුවෙන් ආවරණය කර ඉතිරි පැය 1ක කාලය සවස භාවිතා කළ හැක.

📌 ක්ෂේත්‍ර නිලධාරීන්ට කෙටි නිවාඩු හිමිද?

නැත.

කෙටි නිවාඩු හිමිවන්නේ ආරම්භක හා අවසන් රාජකාරි වේලාවන් නිශ්චිතව නියම කර ඇති නිලධාරීන්ට පමණි. එම නිසා ක්ෂේත්‍ර රාජකාරි කරන නිලධාරීන්ට මෙම වරප්‍රසාදය අදාළ නොවේ.

⚠️ අවසාන වශයෙන්

කෙටි නිවාඩුව අනුමත කිරීමේ බලය බලධරයා සතු වුවද, ආයතන සංග්‍රහයේ විධිවිධාන හෝ රාජ්‍ය පරිපාලන අධ්‍යක්ෂ ජනරාල් විසින් ලබාදී ඇති අර්ථ නිරූපණයන් වෙනස් කර ක්‍රියාත්මක කිරීමේ බලයක් කිසිදු බලධරයෙකුට හෝ රාජ්‍ය ආයතනයකට නොමැත.

📚 මූලාශ්‍ර:

1980.12.10 දිනැති අංක 183 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය

ආයතන සංග්‍රහය – XII පරිච්ඡේදය

08/07/2026
23/06/2026

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

20/05/2026

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය (PL 01 -2006 - ඒ) දෙපාර්තමේන්තුගතතනතුරු වල III වන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීම සඳහා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට කැඳවීම

සෞඛ්‍ය අමාත්‍යාංශයේ "සෞඛ්‍ය කාය සහායක (කණිෂ්ඨ)" තනතුර සඳහා ඔබ විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පතට අදාළව, ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමට ඔබ සුදුසුකම් ලබා ඇති බව සතුටින් දන්වමි.

02. නියමිත දින නියමිත වේලාවට ඒ සඳහා සහභාගි වන ලෙස ඔබට මෙයින් දැනුම් දෙනු ලැබේ. සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත සඳහන් ලේඛන ද රැගෙන ආ යුතුය.

1. ජාතික හැඳුනුම්පත / වලංගු විදේශ ගමන් බලපත්‍රය / වලංගු රියදුරු බලපත්‍රය හෝ ජාතික හැදුනුම්පත අළුත් කිරීමට ඉදිරිපත් කර ඇත්නම් ග්‍රාම නිලධාරී විසින් නිකුත් කළ QR කේතය.

11. උප්පැන්න සහතිකය. (ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලද මුල් පිටපත)

III. අධ්‍යාපන සහතික - අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ (විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද)

IV. වෘත්තීය සුදුසුකම් සහ සේවා සහතික (අයදුම්පත්‍රයේ සඳහන් කරන ලද වෘත්තීය සුදුසුකම් හා සේවා සහතික පිළිබඳ මුල් පිටපත්)

V. ඔබ පදිංචි කොට්ඨාශයේ ග්‍රාම නිලධාරීගෙන් ලබා ගත් පදිංචි සහතිකය (මාස 06ක් තුළ නිකුත් කරන ලද ඩී.එස්.4 ආකෘතිය මඟින් විය යුතුය)

VI. ඉහත I,II,III හා IV හි සඳහන් ලේඛනවල ඡායා පිටපත් (සියලු සහතික ඔබ විසින් සත්‍ය පිටපත් ලෙස සහතික කළ යුතුය)

VII. ඔබ භාවිතා කරන නමේ හා උප්පැන්න සහතිකයේ සහ අනෙකුත් සහතික පත්වල සඳහන් වන නමේ සුලු හෝ වෙනසක් ඇත්නම්, එම වෙනස පැහැදිලි කිරීම සඳහා විධිමත් ආකෘතියකින් යුත් දිවුරුම් ප්‍රකාශයක්. (අදාළ සහතිකවල නම් වෙන වෙනම සඳහන් කරමින් එම නම් වලින් සඳහන් වන්නේ එකම පුද්ගලයෙකු බවට ප්‍රකාශ කරමින් අවලංගු නොකරන ලද මුද්දරයක් මත ඔබගේ අත්සන තබා සාමදාන විනිසුරුවරයෙකු හෝ දිවුරුම් කොමසාරිස්වරයෙකු විසින් එය සහතික කළ යුතුය)

03. ඔබ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට නියමිත දින සහභාගී නොවන්නේ නම් හෝ ප්‍රමාද වන්නේ නම් ඔබගේ අයදුම්පත ප්‍රතික්ෂේප කරනු ලැබේ.

19/05/2026

කෑගල්ල ශික්ෂණ රෝහලේ තේමා ගිතය.

ලස්සනයි...

සම්මුඛ පරික්ෂණය සදහා සහභාගි වන අය මෙම ලියවිලි සකස් කරගෙන පැමිනේන්න.     ゚viralシviralシfypシ゚viralシalシ
18/05/2026

සම්මුඛ පරික්ෂණය සදහා සහභාගි වන අය මෙම ලියවිලි සකස් කරගෙන පැමිනේන්න.



゚viralシviralシfypシ゚viralシalシ

කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ පොලොන්නරුවසදහා වන අනුමත ස්තාන මාරු මණ්ඩලයේ නාම ලේඛනය  2025
09/05/2026

කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ

පොලොන්නරුව

සදහා වන අනුමත ස්තාන මාරු මණ්ඩලයේ නාම ලේඛනය 2025

කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ බදුල්ල සදහා වන අනුමත ස්තාන මාරු මණ්ඩලයේ නාම ලේඛනය 2025
09/05/2026

කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ

බදුල්ල

සදහා වන අනුමත ස්තාන මාරු මණ්ඩලයේ නාම ලේඛනය 2025



Address

North Central Province
Polonnaruwa

Alerts

Be the first to know and let us send you an email when සෞ කා ස එකමුතුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share