31/01/2026
🐒 මේ වඳුරු පැටවූ ඉපදුන ගමන් අම්මගෙන් වෙන් කළා...වසර කිහිපයකට පස්සේ සිදු වුන දේ දැකපු පරීක්ෂයින්ගේ ඇස් උඩ ගියා
ටිකක් හිතන්න ඔයා අසරණ වුණු පුංචි කිරි සප්පයෙක්... ඔයාගේ ඉස්සරහා ඉන්නවා අම්මලා දෙන්නෙක්...
පළවෙනි අම්මා, යකඩ කම්බි වලින් හදපු, කිසිම හැඟීමක් නැති, හැබැයි ඔයාට බඩගිනි වුණාම ඕන තරම් කිරි දෙන අම්මා කෙනෙක්...
දෙවෙනි අම්මා, ලස්සන, මෘදු රෙදි වලින් මහපු, ඇඟට දැනෙනකොට හරිම සුවපහසු, හැබැයි ඔයාට කන්න කිසිම දෙයක් දෙන්නේ නැති අම්මා කෙනෙක්.
ඔයා තෝරගන්නේ කාවද.. බඩගින්න නිවන කිරි දෙන අම්මවද නැත්නම් සුවපහසුව දෙන රෙදි අම්මවද
මේක අහනකොට අපිට හිතෙන්නේ බඩගින්න තමයි ලොකුම දේ ඒ නිසා කිරි දෙන කෙනා ගාවටනේ යන්න ඕනේ කියලා නේද? අන්න ඒ මතය කුඩුපට්ටම් කරලා දාපු, මුළු ලෝකයම කම්පා කරපු පරීක්ෂණයක් තමයි 1950 දශකයේදී මනෝවිද්‍යාඥ හැරී හාර්ලෝ සිදු කළේ.
💔හැරී හාර්ලෝට ඕන වුණේ ආදරය කියන දේ විද්‍යාත්මකව මනින්න. එයා මේකට යොදාගත්තේ මිනිස්සුන්ට ගොඩක් සමාන රීසස් (Rhesus) වඳුරු පැටවුන්ව. උපන් ගමන්ම මේ පැටවුන්ව තමන්ගේ සැබෑ අම්මගෙන් වෙන් කරලා හුදකලා කූඩුවල දැම්මා.
ඊට පස්සේ හාර්ලෝ මේ පැටවුන්ට අර මම කලින් කිව්ව විදියේ කෘතිම අම්මලා දෙන්නෙක්ව හඳුන්වා දුන්නා.
පලවෙනි අම්මා තමයි 'කම්බි අම්මා' යකඩ කම්බි වලින් රළු විදියට හදපු හැබැයි කිරි බෝතලයක් සවි කරපු රූපයක්.
පලවෙනි අම්මා තමයි 'රෙදි අම්මා' මෘදු රෙදිවලින් ආවරණය කරපු, හරිම සුවපහසු, උණුසුම්, හැබැයි කිරි නැති රූපයක්.
🧐විද්‍යාඥයෝ හිතුවේ පැටවු කිරි බොන්න පුළුවන් කම්බි අම්මා ගාවම ඉඳියි කියලා... හැබැයි සිද්ධ වුණේ හිතාගන්න බැරි දෙයක්
අර අසරණ වඳුරු පැටියා මුළු දවසෙම පැය 17 කට වඩා කාලයක් ගෙව්වේ අර කිරි නැති, මෘදු රෙදි අම්මා බදාගෙන. බඩගිනි වුණාම විතරක් දුවගෙන ගිහින් කම්බි අම්මගෙන් කිරි බීලා, ආයෙත් දුවගෙන ඇවිත් රෙදි අම්මව බදාගන්නවා.
හදිසියේ හරි කූඩුව ඇතුළට බය හිතෙන සෙල්ලම් බඩුවක් දැම්මොත්, පැටියා දුවගෙන ගිහින් හැංගෙන්නේ රෙදි අම්මා ගාව රෙදි අම්මව බදාගත්තම ඒ පැටියට ලොකු ආරක්ෂාවක් දැනෙනවා. හරියට පොඩිකාලේ අපි බය වුණාම අම්මගේ ඇඟේ එල්ලෙනවා වගේමයි.
⚠️ මේ විදියට කෘතිම අම්මලා ළඟ හැදුණු වඳුරු පැටවුන් පස්සේ කාලෙක සමාජයීය වශයෙන් අසාර්ථක වුණා. ඔවුන්ට අනිත් වඳුරන් එක්ක එකතු වෙන්න තේරුණේ නැහැ. සමහරු තදින්ම ප්‍රචණ්ඩ වුණා.
මේ පරීක්ෂණය එතනින් නතර වුණේ නැහැ. හාර්ලෝ තවත් දරුණු දේවල් කළා. සමහර පැටවුන්ව අවුරුදු ගාණක් සම්පූර්ණයෙන්ම හුදකලා කරලා හැදුවා. ඒ පැටවු ලොකු වෙනකොට උමතු වුණා තමන්ගේම ඇඟ හපාගත්තා, තනිවම එකම තැන රවුම් ගැහුවා. ඒ වඳුරන් පස්සේ කාලෙක තමන්ගේම පැටවුන්ට පවා ආදරය කරන්න දන්නේ නැති, ඉතාම අවාසනාවන්ත සතුන් බවට පත් වුණා.
තවත් සමහර පැටවු පස්සේ කාලෙක අම්මලා වුණාම තමන්ගේ පැටවුන්ට ආදරේ කරන්න දන්නේ නැතුව උන්ව කන්න හැදුවා. ඒ තරමටම ඒ සත්තුන්ගේ මානසිකත්වය විනාශ වෙලා තිබුණා.
💡හාර්ලෝ ලෝකයට ඔප්පු කරපු ලොකුම ඇත්ත තමයි Contact Comfort එහෙමත් නැත්නම් ස්පර්ශයේ සුවය ගැන,.
අම්මා කෙනෙක් කියන්නේ දරුවෙක්ට කෑම දෙන මැෂින් එකක් නෙවෙයි. දරුවෙක්ගේ නිරෝගී මානසික වර්ධනයට කෑමටත් වඩා වැඩියෙන් ආදරය, ස්පර්ශය, සහ රැකවරණය අත්‍යවශ්‍යයි.
අද කාලේ සමහර දෙමව්පියෝ දරුවන්ට ඕන කරන හැම සැපපහසුවක්ම, කෑම බීම, සෙල්ලම් බඩු දෙනවා. හැබැයි දරුවා එක්ක කාලය ගත කරන්න, එයාව තුරුළු කරගන්න, එයාට ආදරේ දැනෙන්න ඉඩ තියන්නේ නැහැ. හාර්ලෝගේ පරීක්ෂණය අපිට කියන්නේ, එහෙම වුණොත් ඒ දරුවා කායිකව හැදුණත්, මානසිකව විශාල බිඳවැටීමකට ලක්වෙනවා කියන එකයි.
✨ හාර්ලෝ මේ පරීක්ෂණය කළේ සත්තුන්ට හරිම අමානුෂික විදියට. ඒක අදටත් ලෝකයේ දැඩි දෝෂදර්ශනයට ලක්වෙනවා. හැබැයි ඒ අමානුෂිකත්වය අස්සෙන් මනුෂ්‍යත්වයට වටිනා තෑග්ගක් ලැබුනා, ඒ අහිංසක ජීවිතවල කැප කිරීම් නිසා තමයි අද ලෝකය මව් සෙනෙහස කියන්නේ ළමයිගේ බඩ පිරවීමක් නෙවෙයි, ඊට එහා ගිය ආත්මීය බැඳීමක් කියලා විද්‍යාත්මකව තේරුම් අරන් තියෙන්නේ... මේ පරීක්ෂණ නිසා ගොඩක් දේවල් වෙනස් වුනා,
ඒ කාලයේ ළමා නිවාසවල දරුවන්ට කෑම දුන්නා විතරයි, ඔවුන්ව වඩාගන්න හෝ ආදරය කරන්න සේවකයන්ට අවසර තිබුණේ නැහැ (විෂබීජ යයි කියලා). හාර්ලෝගේ පරීක්ෂණයෙන් පස්සේ තමයි දරුවෙක්ට ස්පර්ශය සහ හුරතල් කිරීම කොච්චර වැදගත්ද කියලා තේරුම් අරන් ඒ ක්‍රමය වෙනස් කළේ.
ඒ වගේම ඉස්සර රෝහල්වල දරුවෙක් නැවතුණාම දෙමව්පියන්ට ඉන්න දුන්නේ නැහැ. ඒත් මව් සෙනෙහස සුව වීමේ ක්‍රියාවලියට උදව් වෙන බව විද්‍යාත්මකව ඔප්පු වුණේ මින් පසුවයි.
ළමා නිවාස වල සිටින දරුවන් දරුකමට හදා ගැනීම දීම ආරම්බ වුනෙත් මේ නිසා ලේ නෑකමකට වඩා "ආදරය සහ රැකවරණය" දරුවෙකුගේ වර්ධනයට වැදගත් බව මේ හරහා තහවුරු වුණ නිසා,
දරුවෙක්ට බඩ පිරුණට විතරක් මදි, හිත පිරෙන්න ආදරය ඕනේ...
ඔබේ දරුවා දැන්ම ගිහින් ආදරෙන් තුරුළු කරගන්න... මම ඔයාට ආදරෙයි කියන්න ඒ උණුසුම කෝටි ගණන් සල්ලි වලටවත් ගන්න බැරි තරම් වටිනවා...
මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද? හාර්ලෝ කරපු දේ හරිද? 👇